ජලසම්පාදන මණ්ඩලයේ කඩවත උප ඒකකයට අයත් මනු කියවන්නෙක් සහ එම මණ්ඩලයේ විශ්රාම ගොස් ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මනු කියවන්නා අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත වන අතර ඊට අනුබල දීම නිසා විශ්රාමික ජල සම්පාදන සේවකයා ද අත්අඩංගුවට ගෙන ඇත.
මේ සඳහා පැමිණිල්ල කර තිබූ කාන්තාවගේ නිවසට අදාළ ජල බිල්පතෙහි අදාළ මුදල සහ අය අයවිය යුතු මුළු මුදල, ජල මීටරයේ ඒකක 77 කින් අඩුකර ගෙවීම සඳහා රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දීය.