ජවිපෙ විජේවීර සහ කල්‍යාණ ලබන 02 වැනිදා එළිදකී

Picture of අසංක

අසංක

මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ මහතා විසින් රචිත “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය ජනගත කිරීම එළඹෙන සැප්තැම්බර් 02 වැනි දින පස්වරු 03.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකරේ.

1971 ජවිපෙ කැරැල්ලේ මොණරාගල නායකයා ලෙස වැල්ලවාය පොලීසියට පහර දීමේ අණ දෙන්න ලෙස කටයුතු කළ, ජනතා විමුක්ති පෙරමුණේ පළමු ලේකම් කල්‍යාණ හෙවත් ඩී.එම්. කරුණාරත්නගේ පනස් වසරකට අසන්න ජීවිත අත්දැකීම් ගොනු කළ කෘතියක් ලෙසයි “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය කළඑළි බසින්නේ.

මෙම අවස්ථාව වර්ණවත් කරමින් දෙසුම් පවත්වන්නේ අධිනීතිඥ එච්. ඒ. සෙනෙවිරත්න,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ලේඛක වික්ටර් අයිවන් සහ දර්ශන අශෝක කුමාර මහත්වරු විසිනි.

සංවිධානය ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් සිදුකරයි.