දම්පත් රණසිංහ
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ට මාස 8ක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
මෙම නිලධාරීන් ලබන 20 සහ 22 යන දිනවලදී වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා විශ්‍රාම යාමට නියමිතව තිබුණි.
කැබිනට් තීරණයට අනුව ඔවුන් දෙදෙනා ලබන දෙසැම්බර් 31 වැනිදා තෙක් සේවයේ කටයුතු කිරීමට නියමිතය.