නවතම පුවත්

ජාතික ප්‍රතිපත්තියක් නැතිව රොටිය හරවා ඵලක් නැහැ – වෛද්‍ය සමන් වීරසිංහ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මලිත් සුරියබණ්ඩාර

දේශපාලන ක්‍රියාවලියට බුද්ධිමතුන්ගේ වැඩි දායකත්වයක් මේ රටේ ඇතිවිය යුතු අතර එසේ නොවී රටේ ප්‍රශ්න විසඳා ගත නොහැකි බව ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශක රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසයි.
විදෙස් ආයෝජන අභියෝග සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍ය සමන් වීරසිංහ මහතා මේ බව සදහන් කළේය.
වසර 2015 දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 86ක්. 2018 දී මෙය ඩොලර් බිලියන 125ක් පමණ වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණා. එහෙත් මේ වනවිට පැමිණිය හැකිව ඇත්තේ ඩොලර් බිලියන 89කට පමණයි. ආර්ථිකයේ නිෂ්පාදන ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් නොමැති බව ඉන් පෙනී යනවා.
සෑම වසරකම විදුලි කප්පාදුවක් සිදුකිරීමට කාලයක් පැමිණෙන බව බලධාරින් දන්නවා. නමුත් මේ ප්‍රශ්නයට මුහුණදීමට කිසිදු වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. විදුලි අර්බුදයෙන් කර්මාන්ත විශාල සංඛ්‍යාවක් බිඳ වැටිලා. විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනක් වැය වෙනවා. වැඩ කරන කාලය සීමාවෙලා.ශීත කාමරවල තැබිය යුතු දේ ඒවායේ තබා ගන්න බැහැ. ඒ නිසා කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෝය විදුලි කප්පාදුවෙන් පීඩා විදිනවා. අපට ඉතා ආසන්න රටවල් මේ වගේ අර්බුධවලට විසදුම් සොයාගෙන තිබෙනවා. සුළං බලය, සූර්ය බලය, පරමාණුක ශක්තිය ආදී නොයෙක් ක්‍රම ඔවුන් භාවිත කරනවා.
විදුලිය බලය ආයෝජනයේදී ප්‍රධාන සාධකයක්. ආසියාවේ රටවල් අතර විදුලියට වැඩිම මුදලක් අයකරන රට ලංකාවයි. ඊට අමතරව නිසි කලට විදුලිය ලැබෙන්නේ නැති රටත් ලංකාවයි. ආයෝජකයන්ට මේවා ප්‍රශ්න. අනෙක් අතට ලංකාව අවට රටවල් මෙවගේ ප්‍රශ්න කඩිනමින් විසඳා ගැනීම අප රටට අවාසියකි.
ලිබරල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ පමණින් එහි ප්‍රතිඵලයක් ලෙස රටට ආයෝජන ලැබෙනවා යැයි සිතන්නේ නම් එය මිථ්‍යාවක්. ලංකාවේ අද ලිබරල් ප්‍රතිපත්තියක් තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් රටේ නැත.
පසුගිය රජය කාලයේ යම් ප්‍රතිපත්තියක් දිගමට ක්‍රියාත්මක විය. ලෝකය එය දුටුවේය. මේ නිසා රටක් හෝ දෙකක් ලංකාවේ ආයෝජනය කළා විය හැකිය. එය චීනයට හෝ ඉන්දියාවට සීමා වූවා විය හැකිය. ලෝකයෙන්ම ආයෝජන නොලැබුණ ද මේ රටවල් දෙකෙන් ආයෝජන ලැබුණි. මේ රටට මුදල් ගෙන ඒමට යම් වාතාවරණයක් සහ විශ්වාසයක් එදා තිබුණි.
වත්මන් රජය බලයට පැමිණි පසු ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය ආදී රටවලින් විශාල වශයෙන් ආයෝජන ලැබේයැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් එවන් කිසිවක් වුණේ නැත.
බොහෝ ව්‍යාපෘතිවලට ජාත්‍යන්තරව ණය ගැනීමට අපට සිදුවනු ඇත. ණය නොගෙන කිසිදු රටක් පවත්වාගෙන යා නොහැක. ගන්නා ණය ප්‍රමාණය, කොන්දේසි අප තීරණය කළ යුතුය. කරුණු නොදන්නා අය පවා විදේශ රටවලදී ලංකාව නියෝජනය කරති. මේවායෙන් රටට වැඩක් වේද?
ජලය කප්පාදු කරන රටකට සංචාරකයන් ගෙන්වා ගන්නේ කෙසේ ද? මෙය අස්ථාවරභාවයකි. සෑම ප්‍රශ්නයක්ම එකිනෙකට සම්බන්ධය. එනිසා මේවා විසඳිය යුත්තේ ද එකතුවය. කෙනකුට චෝදනා නැඟීමෙන් ප්‍රශ්න විසඳිය නොහැක. ඉදිරි වසර දෙක තුනකදී හෝ ප්‍රශ්න විසඳා ගැනීමට වැඩපිළිවෙළක් ඉදිරිපත්ව නැත. විදුලිබල ප්‍රශ්නයෙන්ම එය තහවුරු වී තිබේ.
කොළයකට සීමා නොවූ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යය. එය සමාජයේ සෑම තලයකම සංවාදයට ලක්වන්නක් වීම ද වුවමනාය. කුමන ආණ්ඩු බලයට පැමිණියත් පවතින ප්‍රශ්න විසඳන ක්‍රමයක් ඉදිරිපත් නොකළහොත් කිසිවක් වන්නේ නැත. සිදුවන්නේ රොටිය අනෙක් පැත්ත හැරවීම හා සමාන ක්‍රියාවකි. එනිසා ජාතික ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් සැවොම සිතා බැලිය යුතු කාලය එළැඹ තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි