නවතම පුවත්

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂය සමගාමී අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් උපාය මාර්ගික හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC Sri Lanka) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (The Association of Chartered Certified Accountants) පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම අවබෝධතා ගිවිසුම මගින් ආයතන දෙකෙහිම සාමාජිකයින්ට ගෝලීය ප්‍රවේශය පුළුල් කිරීමට සහ වෘත්තීය සංවර්ධනය සහ අධ්‍යාපනික දියුණුව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරෙන බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු පවසයි.

මෙම ගිවිසුම යටතේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා (ICC Sri Lanka ) ශාඛාව සහ (ACCA) වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කරනු බවත්, ACCA හි පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආයතන දෙකම එක්ව කටයුතු කරනු ඇත. ගණකාධිකරණය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් සඳහා සිසුන් වඩාත් හොඳින් සූදානම් කිරීම සඳහා නව අධ්‍යාපන අවස්ථා ද ඔවුන් විසින් නිර්මාණය කරනු ඇතැයි ද ශනිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ACCA නියෝජනය කරමින් දකුණු ආසියාවේ ACCA ප්‍රධානී නිලූෂා රණසිංහ සහ ACCA හි ව්‍යාපාර සංවර්ධන කළමනාකරු රුචේරා ජයවර්ධන ද ICC ශ්‍රී ලංකා නියෝජනය කරමින් සභාපති ශනිල් ප්‍රනාන්දු, ලේකම් හේමකුමාර ගුණසේකර, උප ලේකම් බුද්ධප්‍රිය රාමනායක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න යන මහත්වරු සහභාගි වූහ.

tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!
image-9
හොඳ රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද
image-8
පාරවල් හැදීම ආර්ථික වර්ධනයට ඉතා වැදගත්..- ජනපති
image-7
දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් අරගෙන!
IMAGE-1
Ceylon Energy හාHJT China එක් වී SESRIPව්‍යාපෘතිය යටතේ දියත් කළ මහව හා අම්පාර කිලෝ වෝල්ට් 33ක විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව අවසන් කරයි
image-5
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාව (ICC Sri Lanka ) තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !