ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් කොටුකරගත් පකිස්තානයේ සිට මෙරටට හෙරොයින් සහ අයිස් රැගෙන පැමිණි ඉරාන් නෞකා දෙදෙකහි සිටි ඉරාන් ජාතිකයන් 14 දෙනෙක් සහ පකිස්තානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නෞකා දෙකෙහි හෙරොයින් කිලෝ 350 කට අධික ප්‍රමාණයක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 50 ක් ඇතැයි නාවික හමුදා තොරතුරු අනාවරණය කළේය.
තංගල්ල කුඩා වැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රා දෙකකට පසුගිය 28 වෙනිදා දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ 75 ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 66 ක් ලබාදී ඇත්තේ මේ එක් ඉරාන් නෞකාවකිනි. එම නෞකාවේ තිබී හෙරොයින් කිලෝ 150 ක් සහ අයිස් කිලෝ 50 ක් හමුවී තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයද මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට සූදානමින් තිබී ඇත. එම හෙරොයින් තොගය ලබාගැනීමට මිරිස්සෙන් සහ කල්පිටියෙන් පැමිණි ටෝලර් යාත්‍රා දෙකක්ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. එහි සිටි ශ්‍රී ලංකිකයින් පස් දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඉරානයට අයත් අනෙත් නෞකාව කොටුවී තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 150 ත් අයිස් කිලෝ 50 ත් අඩංගු ඉරාන් නෞකාව තිබූ මුහුදු ප්‍ර දේශයේ ම තිබියදීය. එම නෞකාව ගැනද යම් සැකයක් ඇති වීම නිසා නාවික හමුදාව එම යාත්‍රාව පරීක්ෂාකර ඇති අතර එහිදී එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 200 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ. ඒ අනුව එම යාත්‍රාවද එහි සිටි ඉරාන් ජාතිකයන් සිව් දෙනෙක් සහ පකිස්තාන් ජාතිකයන් සිව් දෙනෙක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලාගත් එම නෞකා සහ ටෝලර් බෝට්ටු සැකකරුවන් සහ මත්කුඩු තොගය සමග හෙට දිනයේ ගොඩබිමට රැගෙන ඒමට හැතිවනු ඇතැයි විශ්වාස කරයි.