නවතම පුවත්

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු පත්වෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ ජාතික සභාපති ධූරයට ප්‍රකට ජාත්‍යන්තර ව්‍යාපාරික හා නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ද මහලේකම් ධුරයට හේමකුමාර ගුණසේකර මහතා ද පත්විය.

පසුගිය (24) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම සංගමයේ වාර්ෂික මහ සභාවේ දි මෙම නව නිලධාරිහු තේරී පත් වූහ.

පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ සිටි ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයන් එක්ව තම ජාත්‍යන්තර වෙළඳාම පහසුකරණය සඳහා 1919 දි පැරිසියේ දී ජාත්‍යන්තර වාණිජ කවුන්සලය පිහිටවනු ලැබීය.

ලෝක ව්‍යාපාරික සාමය ප්‍රධාන තේමාව කරගනිමින් බිහි වූ ජාත්‍යන්තර වාණිජ කවුන්සිලය (ICC) වර්තමානයේ රටවල් සියයක ක්‍රියාත්මක වු ලෝක ව්‍යාප්ත ව්‍යාපාර හා සේවා සමාගම් ආයතන මිලියන 45 ක් එහි සාමාජිකත්වය දරති.

ජාත්‍යන්තර වෙළඳාමට අදාළ නීතිරීති සම්පාදනය,ව්‍යාපාරික ආරාවුල් නිරාකරණය සහ ප්‍රතිපත්ති උපදේශනය ජාත්‍යන්තර වාණිජ කවුන්සලය ඉටුකරන කාර්යභාරයන් අතර ප්‍රධාන තැනක් ගනී.

මේ වන විට රටවල් අනූ දෙකක (92) ජාතික කමිටු පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකාව අයි.සී.සී හි ජාතික සාමාජිකත්වය ලබා ගත්තේ මීට වසර 65 පමණ පෙර වන අතර,ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා ශාඛාවේ 2021 සාංවත්සරික උත්සවයේ දි 2021/22 නව නිලධාරී මණ්ඩලය තේරි පත් වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්