නවතම පුවත්

ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන නැවතත් මෙරට පවත්වනවා – සංචාරක අමාත්‍ය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වී ඇත .

. ඒ සඳහා අවශ්‍ය පියවර දැනටමත්  ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය ..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන්මෙරට දේශීය හා ජාත්‍යන්තර සමුළු,සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශණ පැවැත්වීම පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ. සංචාරකයන්ට රට විවෘත කිරීමට සමගාමීව මේ සඳහා අවසර දීම රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

“Be Sri Lankan Buy Sri Lankan ” දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනයේ හා ලංකා පැක් ප්‍රදර්ශනය හා සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පහුගියදා (12) ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම ප්‍රදර්ශන දෙක කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී එකම දිනකදී ආරම්භ කෙරිණි. මෙරට දේශීය හා ජාත්‍යන්තර සමුළු,සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පැවැත්වීම ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදර්ශන සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය. “වත්මන් රජය දේශීය නිෂ්පාදන හා කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. පසුගිය අය වැයේදීත් අපි ඒ වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබා දුන්නා. මෙරට ජනතාව දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පෙළඹවීමට කොවිඩ් වසංගතයත් කිසියම් හේතුවක් වුණා. පහුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක පිට රටින් බඩු එන එක අඩු වුණා. ඒකත් එක්ක රටේ ජනතාවට දේශීය නිෂ්පාදන වල වටිනාකම දැනෙන්න පටන් ගත්තා. දේශීය නිෂ්පාදන රටේ වැඩි වෙනකොට ඊට වෙළඳපලක් අවශ්‍යයි. එවැනි වෙළඳපලක් ඇති කරන්න මෙවැනි ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ඉතා වැදගත්.
කොවිඩ් වසංගතය නිසා මේ රටේ ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ හා සමුළු පැවැත්වීම නතර කරන්න වුණා. නමුත් දැන් සංචාරකයන්ට රට විවෘත කරලා තියෙන්නේ. ඊට සමගාමීව අපි මේ වෙළඳපල සකස් කර ගැනිම සඳහා දේශීය හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සමුළු හා ප්‍රදර්ශණ පැවැත්විම යලි ආරම්භ කරනවා. හැබැයි එය සිදුවන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ මත පමණයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ හා අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරගෙන යනවා. ඒ සඳහා ආරම්භයක් විදියට අපි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කලා. එහි පලමුවැන්න තමයි අද මේ පැවැත්වෙන්නේ.

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා –
අද අපි කොවිඩ් වසංගතයත් එක්ක නව සාමාන්‍යකරණ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. අපිට විදෙස් ඇමතිවරයෙක් ඉන්නවා කොවිඩ් නිසා කිසිම රටකට යා ගන්න බැරි. සංචාරක ඇමතිවරයෙක් ඉන්නවා කිසිම සංචාරයක් කරගන්න බැරි. ක්‍රීඩා ඇමතිතුමෙක් හිටියා කිසිම සෙල්ලමක් කරගන්න බැරිව. පස්සේ එතුමා ඒ අභියෝගය ජයගත්තා. සංචාරක ඇමතිතුමත් ඒ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. අපිට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එවැනි අභියෝගාත්මක තත්වයක. ඒකට අපි හැඩගැහෙන්න වෙලා තියෙනවා. ඒකට අනූකූලව නව සාමාන්‍යකරණ තත්වය යටතේ අපේ දේශපාලන, සමාජ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්න වෙලා තියෙනවා. කොවිඩ් 19ට බයවෙලා අපිට සම්පූර්ණයෙන්ම හැමදේම අතහැරලා ඉන්න බෑ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව මේ ප්‍රදර්ශන, සමුළු හා සම්මන්ත්‍රණ පවත්වමින් මෙරට ආර්ථිකයට පිටුවහලක් විය යුතුයි.
ඇසුරුම් කරන කර්මාන්තය සෙසු කර්මාන්ත එක්ක සංසන්ධනය කරද්දි සැලකිය යුතු දියුණුවක් ලබා ගෙන තිබෙනවා. ඇසුරුම්කරණය හැකිතාක් පරිසර හිතකාමීව සිදුවි යුතුයි. නව පරම්පරාව අතීත පරම්පරාවට වඩා පරිසරයට ආදරය කරනවා. ඇසුරුම්කරණයේදී සිටින මඟීන්ට ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කර රජය ඊට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරනවා. අපේ රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමයි දේශීය නිෂ්පාදනය බලගැන්වීම. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. මොන අභියෝග එල්ලවුනත් දේශීය කර්මාන්ත නංවාලීම සඳහා ගතයුතු ගතහැකි සෑම පියවරක්ම ගන්නවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි