ජාත්‍යන්තර “හින්දි භාෂා” දිනය නිමිත්තෙන් අන්තර්ජාල සමුළුවක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර ” හින්දි භාෂා ” දිනය නිමිති කරගනිමින් කොළඹ විශ්වවිද්‍යාලය හා මෙරට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය එක්ව  සංවිධානය කල විශේෂ අන්තර්ජාල සමුළුවක් හා කතිකාවක්  ඊයේ දින , පැවැත්වින .

“හින්දි භාෂා සාහිත්‍යයේ  නව ප්‍රවණතා ” යන මැයෙන් පැවතී මෙම සමුළුවේ   සමාරම්භක උත්සවයේ , ප්‍රධාන දේශනය සුප්‍රසිද්ධ ඉන්දියානු ලේඛිකා මමිතා කාලියා මහත්මිය විසින් ඉදිරිපත්කරන ලද අතර ,සමුළුවට අදාළ විද්වත් කථිකාව  ඉන්දියාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාල කිහිපයක   මහාචාර්යවරුන් හය දෙනෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වින ,මෙම කතිකාවේ මුලසුන හොබවන ලද්දේ නව දිල්ලි නුවර ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ඉන්දියානු භාෂා කේන්ද්‍රයේ මහාචාර්ය දේවේන්ද්‍ර චෞබේ මහතා විසිනි .

මෙම කතිකාවට සමගාමීව හින්දි කාව්‍ය සාහිත්‍ය පිලිබඳ විශේෂ සම්මන්ත්‍රණයක්ද  පැවතී අතර ඒ සඳහා ඉන්දියාව , ශ්‍රී ලංකාව , ජපානය , මොරෝෂියස් යන රටවල හින්දි භාෂා විශාරදයින් හා සාහිත්‍යවේදීන් සහභාගිවිය .

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය හා මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම සමුළුවට  ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්විය .

කැලණිය විශ්වවිද්‍යාලය , සබරගමුව විශ්වවිද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය , මෙන්ම සාක් සංස්කෘතික කේන්ද්‍රය මෙම සමුළුව හා විද්වත් කථිකාව  සාර්ථක කරගැනීම සඳහා  දායකත්වය ලබාදුන් අතර , දෙරටෙහිම  විද්‍යාර්තීන් ,  භාෂාවේදීන්, සාහිත්‍යකරුවන් ඇතුළු විශාල පිරිසක් අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්ව සිටියහ .

No description available.