නවතම පුවත්

ජාතිකත්වයෙන් ඉන්දියාව විජයග්‍රහණය කල මෝදීට සුළු ජාතික ඡන්ද අදාලම නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවේ මැතිවණයේ ප්‍රථිපල අනුව වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදී ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. ඒ අනුව තම ප්‍රතිවාදියා වූ රාහුල් ගාන්ධිට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් භාරතීය ජනතා පක්ෂය (BJP) පක්ෂයට තනිවම ආණ්ඩුවක් නිර්මාණය කිරිමට හැකියාව ලබා දෙමින් .ජයග්‍රහණයෙන් පසුව ජනතාව ඇමතූ මෝදි අගමැතිවරයා ප්‍රකාශ කලේ තමන්ට ජනතාව ලබාදුන් ඉතිහාසගත ජයග්‍රහණයට ස්තූතිවන්ත වෙන බවත්

තමන් ක්‍රියාත්මක කරන ජාතිකවාදි ප්‍රතිපත්ති ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුවයි.

සියල්ලන්ටම නව ඉන්දියාවක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් තමාට අවස්ථාවක් ලබා දුන් සැමට හිසනමා ආචාර කිරීමට වුවමනා බවත්, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පාක්ෂිකයින් වෙත ප‍්‍රකාශ කළා.  මෙවර මහ මැතිවරණය ජනතාව අතර පැවැති සටනක් මිස, දේශපාලනඥයින් අතර පැවැති සටනක් නොවූ බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. කෙසේවෙතත් තමාට රට භාර කර ඇති ඉදිරි වසර 05 තුළ ශක්තිමත් ඉන්දියාවක් නිර්මාණය කරන බවට ද අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.  

2014 වසරේදී නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලයට පත්වූයේ එරට වසර 30ක මැත කාලීන මැතිවරණ ඉතිහාසය තුළ වාර්තා වූ ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගනිමින්. එහිදී ඔහුට පාර්ලිමේන්තු ආසන 282ක බලය හිමිවුණා. කෙසේවෙතත් මෙවර ද අතිවිශිෂ්ඨ ජයක් හිමිකර ගෙන සිටින අග‍්‍රාමාත්‍ය මෝදි මේවනවිටත් දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව 350ක් වනවා. ඒ අනුව 2014 වසරට සාපේක්ෂව අග‍්‍රාමාත්‍ය මෝදි හට මෙවර ප‍්‍රබල ජනවරමක් හිමිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. 

මෙතරම් ප්‍රබල බලයක් දිනාගත් නරේන්ද්‍ර මෝඩිට දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව වෙසෙන තමිල්නාඩුවේ දිනාගත හැකිවූයේ ආසන දෙකක් පමණක් වූ අතර දැඩි ජාතිකවාදී නායකයෙක් වන නරේන්ද්‍ර මෝඩි සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ආණ්ඩුවක් පිහිටුවීම දැඩි කතාබහට ලක්ව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්