නවතම පුවත්

ජාතික ආරක්ෂාවේ ගැටළුව විසදන්න පුළුවන් ගෝඨාභයට විතරයි – මල්වතු මහා නාහිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  අද (14) පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මුල් තැන දෙමින් අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව ඊයේ  මහනුවරට පැමිණියේ අද දළදා වහන්සේ වැදපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල නා හිමි බැහැදැක ආශිර්වාදය ලබා ගත් අතර එහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගතව ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පමණක් බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ පෙන්වා දුන්හ.

ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට මහා සංඝරත්නය හදවතින්ම ආශිර්වාද කරන බවද උන් වහන්සේ එහිදී සදහන් කළහ.

අනතුරුව විපක්ෂනායකතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. 

පසුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නා හිමි, අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ ජේෂ්ඨ කාරක සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති ආචාර්ය, පූජ්‍ය ගොඩගම මංගල නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි