නවතම පුවත්

ජාතික උද්ධමනය තවත් පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 මාර්තු මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 49.2% ක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.

2023 පෙබරවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 53.6%ක් ලෙස වාර්තා විය.

මෙලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 50% සීමාවෙන් මෙපිටට පැමිණ ඇත්තේ 2022 මැයි මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.

ජාතික පරිභෝගික මිල දර්ශකයේ 2013=100 වූ දර්ශක යොමු කාලය 2023 ජනවාරි මාසයේ සිට 2021=100 වන නව දර්ශක යොමු කාලයට යාවත්කාලීන කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ සී 49.0% සිට 2023 මාර්තු මාසයේ දී 42.3% ක් දක්වා අඩු වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ දී 57.4% සිට 2023 මාර්තු මාසයේ දී 54.9%ක් දක්වා පහළ ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්