නවතම පුවත්

ජාතික ගීය සිංහලෙන් පමණක් ගයනවාට තමිල්නාඩු පක්ෂ රැසක දැඩි විරෝධය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට රජය ගෙන ඇති තීරණයට තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ රැසක් දැඩිලෙස විරෝධය පළකර ඇත.
මෙම තීරණය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව හුදෙකලා කිරීමේ උත්සාහයක් බව ඉන්දීය ඩී.එම්.කේ පක්ෂය අවධාරණය කර ඇත . එහි නායක එම් කේ ස්ටාලින් එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නව රජයේ මෙම පියවරට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය මැදිහත්විය යුතු බවයි.

එරට පීඑම්කේ පක්ෂයේ නිර්මාතෘ එස් රාමඩොස් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණයට එරෙහිව තම පක්ෂය විරෝධතාවයක් පවත්වන බවයි.
එසේම මෙය දෙමල ජනතාවට කල අපහාසයක් වන බවද ඔහු එරට මාධ්‍ය වෙත පවසා ඇත. 2020 පෙබරවාරි 4 වන දින රටේ 72 වන නිදහස් දින සැමරුම් උත්සවයේදී සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රජය පසුගියදා නිවේදනය කළේය

මෙම පියවර ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවට මෙරට දෙමළ ජාතික සන්ධානයද චෝදනා කර සිටින අතර . එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම නැවතීමේ රජයේ තීරණය දෙමළ ජනතාව ශ්‍රි ලාංකික ජාතිකත්වයෙන් ප්‍රතික්ෂේපිත ජාතියක් කිරීමේ තවත් එක් අංගයක් බවයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්