මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේලයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම්කර ඇත.
එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර අද (12) දිනය තුළ මෙම තෝරා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇත.
හරිනි අමරසූරිය මහත්මිය මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරියක ලෙස කටයුතු කරන අතර ඇය එම තනතුරින් ඉවත් වී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමට තීරණය කර තිබෙ.