නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අක්‍රමිකතා පොකුරක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* කෝප් කමිටුවට හෙළිවෙයි
* මාසයක් තුළ වාර්තාවක් කැඳවේපැතුම් වික්‍රමරත්න

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා හා අවභාවිතාවන් රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝප්)  පසුගියදා තොරතුරු අනාවරණය වී ඇත.

‘ජන සෙවණ’ නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබඳව තත්ව වාර්තාවක් මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙයට පෙර නිර්දේශ කර තිබුණද එය මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් මෙහිදී  කාරක සභාවේ විශේෂ අවධානය යොමු ව ඇත.

එසේම  නිවාස ව්‍යාපෘති135ක පොදු දේපළ පළාත් පාලන ආයතනවලට මෙතෙක් පවරා නොතිබීම ප්‍රබල ගැටළුවක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කර ඇත

අධිකාරිය වෙත  බඳවා ගනු ලැබූ පුහුණු නිලධාරීන් 3700 කට පසුගිය 2017-2019 අතර කාලයේදී රුපියල් කෝටි පනස් අටකට වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයිද   කාරක සභාවේදී  තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර කොළඹ ඩාර්ලි පාරේ අක්කරයකට වැඩි ඉඩමක නිවාස ඉදිකර සංවර්ධනය කිරීමට පෞද්ගලික පාර්ශ්වයක් සමඟ ගිවිසුම් ගත වුවද 2016 වර්ෂයේදී කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකර එම ඉඩම අදාළ පෞද්ගලික ආයතනයට ගිවිසුම්ගත මිලවූ රුපියල් කෝටි අසූ එකකට වැඩි මුදලකට විකුණා ඇති බවද කෝප් කමිටු රැස්වීමේ දී හෙළි වී ඇත .

මෙම ඉඩමේ භුක්තිය නැවත පවරා ගැනීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීහු මෙහිදී කෝප් කමිටුවට දැනුම් දුන්හ.

ආයතනයේ ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිද්දී අතිරික්ත තනතුරු 46 පැවැතීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් ප්‍රශ්න කර ඇත ..

තෘතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අවස්ථාවක අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවද සභාපතිවරයා ප්‍රශ්න කර ඇත .

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තා නිසි පරිදි පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු ව ඇත .

එමෙන්ම ආයතනයෙහි ක්‍රියාකාරි සැලැස්මට අන්තර්ගත විය යුතු වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම එහි අන්තර්ගත නොකිරීම සම්බන්ධවද කාරක සභාවේ සාකච්ඡාවට ලක්ව ඇත .

එසේම  ආයතනයෙහි  වසරක ණය අයවීමේ ප්‍රතිශතය සියයට 60 ක මට්ටමේ පවතින හෙයින් ණය අයකර ගැනීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දන්වා ඇත ..

2020 වසරේ මූල්‍ය ප්‍රකාශන වලට අනුව අධිකාරිය සතු සෙවණ මාධ්‍ය ඒකකයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන 68 ක් බව කාරක සභාවේදී අනාවරණය වූ අතර, ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී දැනුම් දී ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්