ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු 40,000 කට අධික සංඛ්‍යාවක් පවතින බව
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටී.
ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇති බවද අමාත්‍යාංශය නිවේදනය කර සිටී .
පළමු අදියරේදී පුරප්පාඩු 4500 ක් සඳහා සිසුන් තොරාගෙන ඇති බවද අමාත්‍යංශය සඳහන් කර ඇත.
තෝරාගත් සිසුන් පදිංචි ලිපිනයන් වෙත ඒ සම්බන්ධ ලිපි යොමු කර ඇති බවද වාර්තාවේ .
සෙසු පුරප්පාඩු සඳහාත් කඩිනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.