දම්පත් රණසිංහ
රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීමේ කටයුතු ලබන 10 දින සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි එම පාසල් තෝරා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
සිසුන් 750කට වැඩි පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල බවට පත් කිරීම සඳහා තෝරාගෙන ඇත.
අලුතින් නම් කරන ලද ජාතික පාසල් 1000 ට එක් පාසලකට රුපියල් ලක්ෂ 10 බැගින් මුදලක් සංවර්ධනය සඳහා ලබාදීමටද පියවර ගෙන ඇත.