නවතම පුවත්

ජාතික රෝහලේ හෘද සැත්කම් සීමා කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින අර්බුධකාරී තත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ හෘද සැත්කම් ලබන සඳුදා සිට තවදුරටත් අඩු කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. එම රෝහලේ හෘද රෝග ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් රෝහල් පාලනාධිකාරියට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැය ගණනක් පුරා ඉන්ධන පෝලිම්වල රැදී සිටීමට සිදු වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

ඖෂධ හිඟය හේතුවෙන් දැනටමත් කොළඹ ජාතික රෝහලේ සිදු කරන සැත්කම් ප්‍රමාණය අඩු කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකක දෙකක් පමණක් ක්‍රියාත්මක කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තමන් ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවක නිරත කාර්ය මණ්ඩලවලට ඉන්ධන පිරවුම් හල් වලදී ප්‍රමුඛත්වයක් නොලැබෙන බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇති පිරවුම්හල්වල පවා පැය 06ක් 10ත් අතර කාලයක් රැදී සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බවත් මෙම වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයට ද ඉන්ධන අර්බුදය හමුවේ පවතින තත්ත්වය සේවයට වාර්තා කිරීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව දැනුම් දෙමින් ලිපියක් ද යොමු කර තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්