කොළඹ වරාය නැගෙනහිර පර්‍යන්තය 100%ක්ම වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (01) ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.
ඒ අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය හෙට දිනයේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.