ජිනීවාවලදිත් කොවිඩ් වසංගතයෙදිත් සහය දුන් චීනයට තුති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය වෙනුවෙන් ඉදිරිපත් වූ චීන රජය  කොවිඩ්-19 වසංගතය හමුවේ ද   ලබාදුන් නොමඳ සහය පිළිබඳ ශ්‍රී ලංකාව චීනයට සිය ස්තූතිය පළකර තිබේ.
 මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති එච්. ඊ. කුයි ෂෙන්හොන්ග් මහතා අතර හමුවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙලෙස තුති පුදකරන ලදී.
දෙරටේ ආර්ථික සබඳතා, ආරක්ෂක කටයුතු හා දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී  වැඩිදුරටත් අවධානය යොමුවූ අතර එම කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ සහ චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු විය.
මෙහිදී  චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත ආරක්ෂිත උපකරණ කිහිපයක්ද ප්‍රදානය කරන ලදී.