නවතම පුවත්

‘ජිහාඩ් මතවාද මුලිනුපුටා දැමිය යුතුයි’ – ඉන්දු මහකොමසාරිස් කියයි

අසංක

අසංක

කලාපීය ආරක්ෂාවට සහ ලෝක සාමයට තර්ජනයක් වන එදිරිවාදී ජිහාඞ් මතවාදය හුදෙකලා කොට එය මුලිනුපුටා දැමිය යුතු බව ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අවධාරණය කර සිටී.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී මහ කොමසාරිස්වරයා සඳහන් කළේය .

ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී මෙසේද පැවසීය ,

කලාපය හා ලෝකය කැලඹීමට ලක්වුවහොත්, තනි තනි රටවලට සාමකාමී, සුරක්ෂිත හා සමෘද්ධිමත් විය නොහැක. අද පවතින්නේ අතිශයින්ම එකිනෙකා හා සම්බන්ධ වූ ලෝකයකි. අන් අයගේ කරදර සහ ගැටළු ඔහුට හෝ ඇයට පමණක් තිබෙන ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැක. එය ඔවුන්ට තරමටම අපටද දැනෙන ප්‍රශ්නයකි. ලෝක සාමය හා සමස්ත ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා අපගේ පෞද්ගලික සහ සාමූහික උනන්දුව අවශ්‍ය වේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙහි (BIDTI) රාජ්‍යතාන්ත්‍රිකභාවය හා ලෝක සබඳතා පිළිබඳ 21 වන ඩිප්ලෝමා පාඨමාලාව සමාරම්භය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා