නවතම පුවත්

ජූනි මාසය අවසානයේ මෙරට කොරෝනා පාලනය කල හැකියි – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සභාපති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි මාසය අවසාන වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය  යම් පමණකින්  පාලනය කර හැකි වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර සිටී .

මෙරට වයස අවුරුදු 20 ඉක්ම වූ පුද්ගලයන්ට එන්නත් කිරීම සදහා එන්නත් මාත්‍රා මිලියන 29 අවශ්‍ය බවත් පැවසූ ඔහු දැනටමත් මිලියන 32 ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීම සහතික කර ඇති බවද සඳහන් කළේය.

එම එන්නත් සියල්ල දෙසැම්බර් මාසයට පෙර මෙරටට ලැබෙනු ඇති බවත් රුසියාවෙන්, චීනයෙන් සහ ඇමෙරිකාවෙන් එම එන්නත් තොග ඇනවුම් කර ඇති බවත් ඔහු පැවසීය.

චීනයෙන් මාත්‍රා මිලිවක 03ක් හා රුසියාවෙන් එන්නත් මිලියන මාත්‍රා මිලියනයක් ජූනි මාසයේ මෙරටට පැමිණෙන බවත් ඒවා කඩිනමින් එන්නත්කරණය කල පසු වසංගතය පාලනය කළ හැකි වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව සංචාරන සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි වනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝවා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග  පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්