නවතම පුවත්

ජෛව බුබුළ කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා පංච පුද්ගල විනය කමිටුවකට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එංගලන්තයේදී පසුගියදා අවසන් වූ තරග සංචාරය අතරතුරදී ‘ජෛව ආරක්‍ෂිත බුබුල’ කඩකරමින් වීථි සංචාරය කොට තරග තහනමකට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණය සඳහා පංච පුද්ගල විනය කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සඳහා සිදු කිරීමට නියමිත විනය පරීක්ෂණය සඳහා පත්කළ මෙම කමිටුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවකුගෙන් සමන්විත ය.

එම ක්‍රීඩකයින් තිදෙනා තරගයට පෙර වහාම ගෙන්වූ අතර ඔවුන් 29 වැනිදා දිවයිනට පැමිණි පසුව මීගමුව ප්‍රදේශයේ හෝටලයක දින 14ක් නිරෝධායනයට යොමු කර ඇත.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ (bio-bubble) නීති උල්ලංඝනය කරමින් Durham හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් තිදෙනා රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට දෙකක් පසුගිය සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමඟ මෙම අර්බුදය හටගැනිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්