නවතම පුවත්

ජොගිං ට්‍ර්‍රැක් නැවතුණත් පරාක්‍රම සමුද්‍රය තවම අනතුරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉදිරි වර්ෂා කාලයේදී පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්මට හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශයේ ගොවින් අනතුරු අඟවති.

පසුගියදා ආරම්භ වූ පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුණි.

නමුත් එහිදී රළපණාවේ ගල් ඉවත් කළ අතර එම ගල් නැවත නිසිපරිදි ප්‍රතිසංස්කරණය කර නොමැති බැවින් මේ වනවිට වැව්බැම්මේ පස් සේදියමින් පවතී. ගොවීන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මත ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමඟ වැව් බැම්මද විනාශ වී යාහැකි බවය.

පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීම ආරම්භ කිරීම හේතුවෙන් වැව්බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපණාවේ ගල්, වැව තුළට ඩෝසර් කිරීමක් සිදුවන බවත් ඒ හරහා වැව විනාශ මුඛයට යෑමේ දැඩි අවදානමක් මතුවී ඇති බවත් පවසමින් භික්ෂුන් වහන්සේලා, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් පසුගිය 27 වනදා විරෝධතාවයක නිරත වුණි.

විරෝධතාවයත් හේතුවෙන් ඇවිදින මංතීරුවේ ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කළේය.

ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන් රළපෙණාවේ ගලවා දැමු ගල් එලෙසම පවතී. යළි රළපණාව ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුවී නොමැත.

ක්‍රි.ව 1587-1596 කාලය තුළ නිශ්ශංකමල්ල රජතුමා විසින් ඉදිකළ බව පවසන ගිම්හාන කුටිය වහා සංරක්ෂණය නොකළහොත් එය පරාක්‍රම සමුද්‍රයේ දියරැලි පහරට හසුවී පරාක්‍රම සමුද්‍රය තුළටම කඩා වැටීමේ අවදානමක් මතුවී ඇති බව ද ගොවිහු අනතුරු අඟවා සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්