“ජෝකර්” අත්අඩංගුවට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බැට්මෑන් චිත්‍රපටයේ එන ජෝකර් ගේ චරිත්‍රයට සමාන අයුරින් සැරසුණු 24 හැවිරිදි පුද්ගලයෙකු විසින් ජපානයේ ටෝකියෝ අගනුවර දුම්රියක් තුලදී සිදුකරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත

ප්‍රහාරය එල්ල කරනු ලැබූ තැනැත්තා දුම්රිය ස්ථානය තුලදීම අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට මරණ දඬුවම ලබා ගැනීමට අවශ්‍ය නිසා මෙම ප්‍රහාරය දියත් කළ බවය

ප්‍රහාරය එල්ල කරනු ලැබූ තැනැත්තා ඒ සඳහා තියුණු ආයුධයක් මෙන්ම ගිනි ගන්නා සුළු ද්‍රව වර්ගයක් ද යොදා ගෙන තිබු බව එරට මාධ්‍ය වාර්තා කර සිටි.

ප්‍රහාරකයා විසින් දුම්රියේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ට තියුණු ආයුධයෙන් පහර දීමෙන් අනතුරුව ගිනි ගන්නා ද්‍රව වර්ගයක් ඔවුන් මතට ඉස ගිනි තැබීමට උත්සාහ කළ බවටද වාර්තා වේ ..

ප්‍රහාරය එල්ල වෙමින් තිබු අතර වාරයේදී දුම්රිය ස්ථානයක් වෙතට දුම්රිය ලඟා වීමත් සමග එහි සිටි මගීන් දුම්රියේ ජනේල වලින් පැන දිවි බේරා ගැනීමට දිවගොස් තිබු බවද වාර්තාවේ