නවතම පුවත්

ඉන්දියාවේ ‘අයෝධ්‍යා දීපෝත්සවය’ සඳහා ශ්‍රී ලංකාවෙන් සංස්කෘතික දූත පිරිසක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උත්තර් ප්‍රදේශයේ අයෝධ්‍යා නුවර 2021 නොවැම්බර් 1-5 දක්වා සංවිධානය කෙරෙන අති උත්කර්ෂවත් දීපෝත්සව් සැමරුම සඳහා උත්තර් ප්‍රදේශ් රජය ශ්‍රී ලංකාවෙන් පහළොස් සාමාජික සංස්කෘතික දූත පිරිසකට ආරාධනා කර ඇත. රාමායන ව්‍යාපෘතිය සඳහා වන ගෝලීය විශ්වකෝෂයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සාමාජිකයන් වන ඥානකුමාර් සීතාම්බරම් සහ ගයාත්‍රි සුවීන්ද්‍රන් සහ කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ නාට්‍ය කලා මන්දිරයේ ප්‍රවීණ භරත නාට්‍ය ගුරුවරියක වන කලාශූරි ශ්‍රීමතී වාසුගි ජෙගදීශ්වරන් යන මහත්ම මහත්මීහු මෙම දූත පිරිසේ ප්‍රධානත්වය උසුළති.

 

. ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා මෙම දූත පිරිස දිවයිනෙන් පිටත් වීමට පෙර හමු වූ අතර එතුමා එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක් පැරණි බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි සංස්කෘතික සහ ආධ්‍යාත්මික අන්තර් ක්‍රියාකාරකම්හි වැදගත්කම අවධාරණය කළේය. මහ කොමසාරිස්තුමා ඉන්දියාවේදී ඔවුන් විසින් සිදු කිරීමට නියමිත සංස්කෘතික ඉදිරිපත් කිරීම සඳහා සිය සුබපැතුම් ද මෙහිදී එක් කළේය.

. උත්තර් ප්‍රදේශ් රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අයෝධ්‍යා පර්යේෂණායතනය විසින් මෙම පහළොස් සාමාජික ශ්‍රී ලංකා සංස්කෘතික දූත පිරිසේ සංචාරය සංවිධානය කරනු ලබයි. අයෝධ්‍යා නුවර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ශුද්ධ වූ සර්යු ගංගා ඉවුරේ පිහිටා ඇත. රාම දෙවිඳුන් උපන් නගරය ලෙස සැලකෙන අයෝධ්‍යාව හින්දු බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ඉතා වැදගත් පූජනීය නගරයක් වේ. මෙහි සුවිසල් ‍දෙවොලක් ද ඉදිවෙමින් පවතී.

2017 වසරේ සිට උත්තර් ප්‍රදේශ් රජය අයෝධ්‍යාවේ දීපෝත්සවය දීපාවලි දිනට පෙර දින සමරනු ලබයි. මෙම වසරේදී පස්වන වරට පැවැත්වෙන දීපෝත්සවය සඳහා පළමු වරට ඩ්‍රෝන යානා 500ක් විසින් රාමායනයේ විවිධ අවස්ථා අයෝධ්‍යාවේ ගුවන මත සිතුවම් කරනු ඇත. ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන් සහ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් නියෝජනය කරමින් සහභාගී වන සංස්කෘතික කණ්ඩායම් රාමායනය මත පදනම් වූ විවිධ සංස්කෘතික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට නියමිතය. දීපාවලි දිනට පෙර දින එනම් නොවැම්බර් තුන් වන දින දොළොස් ලක්ෂයක පහන් දල්වාලමින් වාර්තාවක් තැබීමට ද උත්තර් ප්‍රදේශ් රජය කටයුතු යොදා ඇත. දීපෝත්සවයට සමගාමීව සර්යු නදී තෙර ප්‍රතාපවත් “රාම්-කි-පයිඩි” හි සංස්කෘතික සංචාර, සම්මන්ත්‍රණ, ග්‍රන්ථ දොරට වැඩීම්, රාමායන පෙරහැර, ඡායාරූප ප්‍රදර්ශන, ත්‍රිමාන හොලෝග්‍රැෆික් ප්‍රදර්ශන, ප්‍රක්ෂේපණ සිතියම් සහ ලේසර් ප්‍රදර්ශන යනාදිය ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2021 ඔක්තෝබර් 28 වන දින නුවර එළිය සීතා අම්මාන් කෝවිලේ සංකේතාත්මක පූජනීය සිහිවටනයක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අයෝධ්‍යාවේ රාම් ජන්මභූමි කෝවිලේ ප්‍රධාන පූජකතුමා වෙත භාර දෙන ලදී. මෙම පූජනීය සිහිවටනය මහ කොමසාරිස්තුමා විසින් ශ්‍රී ලංකාවේ සීතා අම්මාන් කෝවිලේ සිට ඉන්දියාවට රැගෙන එන ලදී.

2021 ඔක්තෝබර් 20 වන දිනට යෙදුණු පින්බර වප් පුන් පොහෝ දින කොළඹ සිට පූජනීය කුසිනාරා නුවරට පළමු ජාත්‍යන්තර ගුවන්යානය ළඟා වූ බව ද මෙහි ලා සිහිපත් කළ යුතුය. තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු වූ එම දූත පිරිසට රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙක්, ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ ශ්‍රී ලංකාව පුරා විවිධ නිකාය සහ විහාරස්ථාන නියෝජනය කරමින් සියයකට ආසන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් අයත් වූහ. මෙවැනි සංස්කෘතික සහ ආධ්‍යාත්මික වැඩසටහන් විවිධ ආගම් අතර වි‍හිදෙමින් දෙරට ජනතාව අතර පවතින සමීප බැඳීම් සඳහා මාහැඟි සාක්ෂ්‍ය සපයයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්