මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් ජයගත් බව ජන්ද විද්‍යාල නියෝජිතයෝ තහවුරු කර ඇත .
ඒ අනුව ජෝ බයිඩන් එළඹෙන ජනවාරි මස 20 දින ඇමෙරිකාවේ නව ජනපති ලෙස දිවුරුම් දීමට නියමිතය .
අමෙරිකානු ජනාධිපතිවරණයේදී ජන්ද විද්‍යාල 306 ක බලය හිමිකරගත් ජෝ බයිඩ්න් ඉන් ජයග්‍රහණය කළ අතර ඊට සාපේක්ෂව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගත්තේ ජන්ද විද්‍යාල 232 ක බලය පමණි.
සාමාන්‍යයෙන් ජන්ද විද්‍යාල සාමාජිකයන් කෙරෙහි අවධානයක් යොමුනොවූවත් , ජනපති ට්‍රම්ප් අඛණ්ඩව මැතිවරණ ප්‍රතිඵල වෙනස්කිරීමට ප්රයත්න දැරීම හමුවේ ජන්ද විද්‍යාල සාමාජිකයන්ගේ අවසන් තීරණය කෙරෙහි මෙවර දැඩි අවධානයක් යොමුව තිබුණි .