නවතම පුවත්

පළාත් සභා ඡන්දය ගැන කැබිනට්ටුව ගත් තීන්දුව

අසංක

අසංක

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් එකතු වී යම් එකඟතාවයකට පැමිණ එම යෝජනාව කැබිනට් මණ්ඩලයට වෙත නැවත ඉදිරිපත් කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවැසූවේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභා ඡන්දය පිළිබඳ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත නැවත ඉදිරිපත් කිරීමෙන් පසුව, කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට තීරණය කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

“මෙරට පවත්නා සියලුම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ අනුකාරක සභාවක් පවත්වා වසර ගණනාවක් සාකච්ඡාවන් පැවැත් වූ නමුත් 2015 වසරේ බලයට පත් වූ රජය සමඟ ජනතාව අතර තිබූ දුර්වල සම්බන්ධතාවය නිසා දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සිදු කෙරුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩි කාලයක් කල් දැමීමට කටයුතු කරමින් විවිධ හේතූන් ඉදිරිපත් කරමින් මැතිවරණ ක්‍රමය යම් වෙනසක් ඇති කළ ද එකී ක්‍රමය සම්බන්ධව විවිධ මත සහ ගැටළු මේ වන විට පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට 2/3 අවශ්‍ය නොවන බවත්, සරල බහුතරයක් ප්‍රමාණවත් වන බවත්, එවකට සිටි කතානායකවරයා වූ කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශ කළ අතර ඒකාබද්ධ විපක්ෂය ලෙස මේ සඳහා අනිවාර්යෙන් 2/3 ක් අවශ්‍ය බව සහ නීතිපතිවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධව කටයුතු කරන්නැයි සඳහන් කළ බවත්, මෙරට ජනතාවගේ පරමාධිපත්‍ය දින නියමයක් නොමැතිව කල් දැමීමට කටයුතු කිරීම මඟින් සංකීර්ණ තත්ත්වයකට ඇඳ දැමීමට කටයුතු කළ බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ අනුව, මේ සම්බන්ධව එකිනෙකා වෙත චෝදනා එල්ල කිරීම නොව මේ මොහොතේ කළ යුතු දේ සම්බන්ධව කටයුතු කළ යුතු බවත්” මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්