ජෝ බයිඩ්න් කොරෝනා එන්නත ගතී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
අමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ දින  ෆයිසර් කොරෝනා එන්නතේ සිය පළමු මාත්‍රාව ලබාගත්තේය .
බයිඩන්ට  එන්නත ලබාදීම ,විදෙස් මාධ්‍ය සජීවිව විකාශය කළ අතර, එහිදි ඔහු  මෙලෙස පැවසී ය.
”මම මෙම එන්නත ලබාගත්තේ, සෑම අමෙරිකානු ජාතිකයෙක්ම එන්නත ලබා ගැනීමට දිරිගැන්වීම සඳහායි. මෙහි බියවීමට දෙයක් නැහැ .”
අමෙරිකාව තුළ එන්නත් වැඩසටහන දියත් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට යම්කිසි ගෞරවයක් ලැබිය යුතු යැයිද  ජෝ බයිඩ්න් මෙගිදී පැවසීය .
උප ජනාධිපති මයික් පෙන්ස් මෙන්ම කථානායක නැන්සි පෙලෝසි ඇතුළු දේශපාලන නායකයින් විශාල සංඛ්‍යාවක් ද එම අවස්ථාවට එක්වෙමින්, කොරෝනා එන්නත ලබාගත් ඇතා .
මේ වන විට අමෙරිකානුවන් ලක්ෂ 5 කට පමණ මෙම එන්නත ලබා දී ඇතැයි ද සඳහන්වේ  .