නවතම පුවත්

ඥාණසාර හිමියන්ගේ මූලිකත්වයෙන් රට ගොඩනගන මහ බලවේගය ජූලි 07 මහනුවරදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තැන තැන ආරම්භ වෙමින් තිබෙන බළමුළු රට ගොඩ නැගීම සඳහා එක්කර ඉදිරියේදී මහා බලවේගයක් නිර්මාණය කරන බව බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

ලබන මස 07 දින භික්ෂූන් වහන්සේලා දස දහසක් පමණ මහනුවරට වැඩම කරවා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් එය පනස් හයෙන් පසු ආරම්භ වන පුළුල් වැඩපිළිවෙළක්යැයිද ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ. එහිදී යෝජනා ඉදිරිපත් කරන බවද කීහ.

ඥානසාර හමියෝ මේ අදහස් පළ කළේ පෙරේදා (20) රාජගිරිය විදත්රාව ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඥානසාර හිමියෝ මෙසේද කීහ.

අපේ රට හැඳින්වූයේ ඉන්දියන් සාගරයේ මුතු ඇයට කියා. එහෙම හැඳින්වූ රටකට අද විවිධ බාධක පැමිණිලා. එම බාධක නැති කිරීමට ව්‍යාපාරිකයන්, විද්වතුන් කඳවුරු බදිමින් සිටිනවා. මෙය ජාතික සැණකෙළියක් වගේ. අපේ රට නැගිට්ටවිය යුත්තේ කෙසේද කියා ඔවුන් කතාබහ වෙනවා.

අප්‍රේල් 21 දින ප්‍රහාරයත් සමඟ අපට ගැටලු ගණනාවක් ඇතිවුණා. මේවා ඉතාම සංකීර්ණයි. ඇතැමුන්ට ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වයට පිළිතුරු නැහැ. අපේ රට දියුණු වෙමින් පවතින රටක් ලෙසයි අතීතයේ සිටම අප හැදින්වූයේ. රටේ ඇතිවී තිබෙන ගැටලුවලට ඉතාම ඉක්මනින් පිළිතුරු සොයා ගත යුතුයි. අන්තවාදී ඉස්ලාම් ප්‍රහාරයත් සමඟ මේ රටට ගැටලු ඇතිවුණා. මේ අන්තවාදී පිළිකාව වහාම ඉවත්කළ යුතුයි.

රටේ ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන, එවැනි අධ්‍යාපන ආයතන පිළිබඳව සොයා බලන්න ඕනෑ. මේවා නිසා සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව එකිනෙකා දෙස සැකයෙන් බැලීම ආරම්භ කර තිබෙනවා. මේ ගැටලු නිසි කළමනාකාරීත්වයකින් විසඳා ගැනීමට නොහැකි වුණොත් විශාල ගැටලු ඇතිවිය හැකියි. මෙවැනි ප්‍රශ්න කතා කිරීම ජාතිවාදී හෝ අන්තවාදී දෙයක්ද?.

බෞද්ධයන් ලෙස ප්‍රශ්න දිහා අප හේතුඵලවාදීව බැලිය යුතුයි. සහරාන්ලා බිහිවූයේ ඇයිද කියා සොයා බලා එම අනතුරු පරාජය කරන්න ඕනෑ. එක ගල්කැටයක් නොගසා උණ්ඩයක් නොයවා උන්මත්තකවාදය පරාජය කිරීමට විද්වතුන් පෙළ ගැසිය යුතුයි.

විදත්රාව සංවිධානයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා-

මම වගකිව යුතු තනතුරු රාශියක කටයුතු කළා. රටේ ඉදිරි අනාගතය පිළිබඳව මැදිහත්වීමට කණ්ඩායමක් ලෙස අප මේ වන විට තීරණය කර තිබෙනවා. රට වෙනුවෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව මේ රටේ පුරවැසියන්ද අප දැනුවත් කරනවා.

අප සංවිධානය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟද සාකච්ඡා කළා. එහිදී අපට පෙනී ගියා උන් වහන්සේගේ ප්‍රතිපත්තිත් සමඟ අපට එක්වී කටයුතු කළ හැකි බව. පොඩි පොඩි ගැටලු පැමිණියත් රට සංවර්ධනය කිරීමට අප සියලුදෙනා එක් වහළක් යටට පැමිණිය යුතුයි.

මහා සංඝරත්නය, විදත්රාවය සංවිධානයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි