නවතම පුවත්

ඥානසාර හිමිගෙන් අද ආන්දෝලාත්මන හෙළිදරව්වක් !

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ තවත් ආන්දෝලාත්මක හෙළිදරව්වක් රට හමුවේ තැබීමට සුදානම් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද අලුයම තෙක් පැවැති හිරු සළකුණ රූපවාහිනි වැඩසටහන හා එක්වෙමින් පැවැසුහ.

හිරු නාලිකාවේ පුරා හෝරා තුනකට ආසන්න කාලයක් සලකුණ වැඩසටහනට එක්වෙමින් ගල‌ගොඩඅත්තේ ඥානසාර හිමියෝ මුස්ලිම් අන්තවාදය හා ඊට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධව බුද්ධි අංශ වාර්තා සහ සාක්ෂිගත සිද්ධි පෙන්වමින් කරුණු ඉදිරිපත් කළහ. සුදේව හෙට්ටිආරච්චි, රංගන ද සිල්වා සහ පානුක රාජපක්ෂ සලකුණ වැඩසටහන මෙහෙයවුහ. මෙම වැඩසටහෙන් අවසන් මිනිත්තු කිහිපයේදී රටට පමණක් නොව රටේ සිටින මාධ්‍යවේදීන්ටද මුස්ලිම් අන්තවාදය ඔස්සේ සිදුවන අනතුරු ඇගවීමක් ගැන තොරතුරු ඉදිරිපත් කළහ.


ඩොලර් මිලියන 40ක් තුර්කියෙන් පමණක් මෙරට අන්තවාදය පතුරුවන මාධ්‍ය හා ඊට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් එවා ඇති අතර එම මුදල්ම අන්තවාදී මතවාදයට එරෙහිවන්නන් මර්දනය සදහා යොමු කරන්නැයි දන්වා ඇතැයි උන්වහන්සේ සදහන් පෙන්වා දුන්හ.
ඒ අනුව රට ගැන හැගීමෙන් ලියන වැඩසටහන් මෙහෙයවන මාධ්‍යවේදීන් පරෙස්සම් විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
මුස්ලිම් අන්තවාදයේ භයානක පුද්ගලයකුවන යුසුෆ් අල් කර්දාවි පසුගිය 2013 අප්‍රේල් 28 වැනිදා මෙරට මුස්ලිම් මාධ්‍ය නඩයක් විසින් හමුවී ඇති බව උන්වහන්සේ ඡායාරූපයක් උපුටා දක්වමින් පෙන්වා දුන්නෝය.


රිෂාඩ් බදියුදීන්ට යුටීවි ගන්න පුළුවන් වුණේ කොහොමද ? සෞදියෙන් ලැබුණු මිලියන 1000ක් රිෂාඩ් කිසිදු රජයේ ආයතනය සටහන් නොවන පරිදි ලබාගත්තා නම් ඒ කොහොමද ? යැයි ප්‍රශ්න කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිය විරෝධය නොතකා යහපාලනය සදහා ජාතික පෙරමුණක් කාත්තන්කුඩිය මුල් කරගෙන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට ඉඩ ලබාදීම සම්න්ධයෙන් මැතිවරණ කොමිසමටද චෝදනා කළේය.

තමන් වහන්සේ උපන් ජාතියටත්, වැදු මවටත් පළමුව ආදරය කරන බව පවසමින් අනෙක් ජාතීන්ට හා අනෙක් මවුවරුන්ට අනතුරුව ආදරය කරන බව පැවසු ගලගොඩඅත්තේ හිමියන් ලබන මැතිවරණයේදී රට පුරා බෞද්ධ පන්සල් 9600 ඇත්නම් ඉන් 7000කට එක්වී ඡන්ද 1000 ගණනේ සුදානම්කොට ඡන්ද ලක්ෂ 70ක බහුතර ප්‍රතිශතයකින් රට බේරා ගැනීම වෙනුවෙන් සුදානම් කළ නොහැකිවන්නේ මන්දැයි විමසා සිටියහ.
වසර ගණනාවක සිට කරන මෙම හෙළිදරව්ව අසා සිටි එකම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව පැවැසු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඔහුගේ හෝ කාගේ හෝ දේශපාලන පඩංගුවකට තමන් වැටී නැති බව සදහන් කරමින් ඇත්ත කතාව නම් තවත් වසර තුනක් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරේ සිටියේ නම් මේ ප්‍රශ්නයක් ඇති නොවන බව පැවැසුහ.

තමන්ගේ නායකයන් බුදුන්වහන්සේ බව සදහන් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරණය හෝ දේශපාලනය ගැන කළ විමසීමේදී බුද්ධ පුත්‍රයන් දේශපාලනයෙන් මුදාගෙන මුස්ලිම් ජනතාවටත් ජීවත්විය හැකි පරිදි නුපන් පරපුර වෙනුවෙන් තමන් වහන්සේ මෙම ව්‍යායාමයේ අඛන්ඩව නිරතවන බව පැවැසුහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි