අතුරුදහන් වූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරි
ද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කරන ලදැයි කියන චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ මාස 6ක සිර දඩුවම වසර 5කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද තීන්දු කළේය.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 2018 ජුනි 14 වැනිදා ලබාදුන් තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ගොනු කර තිබූ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා එලෙස තීන්දු කළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් මීට ඉහතදී ලබාදුන් වසර 6ක සිර ද
ඩුවම තවදුරටත් කි‍්‍රයාත්මක වේ.
අදාළ නඩුවේ තීන්දුව ලබාදෙන අවස්ථාවේදී දැනට බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ හෝමාගම මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඉෂාර රත්නකාර