අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රාජ්ය ආරක්ෂක උපදේශක රොබට් ඕ’ බ්රයන් හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී ඇත.
ඒ අනුව රාජ්ය ආරක්ෂක උපදේශකවරයා මේ වන විට ආරක්ෂිත ස්ථානයක හුදෙකලාව නිරෝධායනයට ලක්ව සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
රාජ්ය ආරක්ෂක උපදේශකවරයා හට නව කොරෝනා වෛරසය ආසාදනය වුවත් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හට ඔහුගෙන් වෛරසය ආසාදනය වීමේ ඉඩකඩක් නොමැති බවද ධවල මන්දිරය සඳහන් කර ඇත.