ට්‍රම්ප්ගේ ටික්ටොක් -wechat තහනමට අමෙරිකානු උසාවියේ විරෝධය

Picture of අසංක

අසංක

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර ඇත

අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ලෝරල් බිලර් පවසා ඇත්තේ මෙම තහනම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතු කරන බවය.

නිදහසේ අදහස් පළ කිරීමට එමගින් බාධාවක් සිදුවන බව ද විනිසුරුවරයා අවධාරණය කර ඇත.

ටික ටෝක් තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා. ටික් ටොක් තහනම කි‍්‍රයාත්මක වන්නේ එළඹෙන නොවැම්බර් 12 වැනිදා සිටය