ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා

Picture of අසංක

අසංක

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට එරෙහිව ඇමරිකානු සිවිල් සංවිධාන හා දේශපාලන සංවිධාන කිහිපයක් එක්ව මේ වනවිට රට පුරා විරෝධතා මාලාවක් ආරම්භ කර ඇත.

ජනාධිපති ට්‍රම්ප් , කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් මෙම විරෝධතා පැවැත්වෙන අතර ඊයේ දින වොෂින්ටනයේ ධවල මන්දිරය ඉදිරිපිටද උද්ගොෂණයන් හා විරෝධතා පැවත්වී ඇත.

මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් ඒවා වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ජනතාව මෙම විරෝධතාවයේ නිරත ව ඇති බවද වාර්තාවේ.

“ට්‍රම්ප් බොරු කියනවා , ජනතාව මිය යනවා “.ලෙස සටහන් කල මුඛ ආවරණ පැලඳ ගෙන මෙම පිරිස් උද්ගොෂණයට එක්ව ඇත..

මෙම විරෝධතාකරුවෝ ධවල මන්දිරයේ ඉදිරියේ ව්‍යාජ අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වූ බව වාර්තාවේ