ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ලබන සතියේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය ලබන සතියේදී විභාගයට ගැනීමට නියමිතය

එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමුව සාක්ෂි ලබාදීමට නියමිත අතර . රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් නීති සම්පාදකයින් විසින් මෙම සාක්ෂි විමසීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී

අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න්ගේ පුත‍්‍රයාට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත .

හිටපු උප ජනාධිපති ජෝ බයිඞ්න්, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයෙකු ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වීමට නියමිතය.

මෑත කාලීන අමෙරිකානු ඉතිහාසය තුළ එරට ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වී ඇත්තේ අවස්ථා 02 කදී පමනි .

ඒ, හිටපු ජනාධිපතිවරුන් වන ඇන්ඩෲ ජොන්සන්ට සහ බිල් ක්ලින්ටන්ට එරෙහිවය. එම දෝෂාභියෝගයන් 02 කම පරාජයට පත්ව ඇත.. .