නවතම පුවත්

ට්‍රම්ප් ගේ ඉල්ලීම ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

2020 මැතිවරණයේ ප්‍රධාන ජනපද 4 ක ප්‍රතිඵල අවලංගු කරන ලෙසට ට්‍රම්ප් කළ ඉල්ලීම  එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා ඇත

ඒ අනුව ඇමරිකානු 2020 මැතිවරණයේදී අතිශය තීරණාත්මක ජනපද හතරක් වූ ජෝර්ජියා, මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් හි ජෝ බයිඩන් ජය ගැනීම අභියෝගයට ලක් කරමින් එම ප්‍රතිඵල අහෝසි කරන ලෙස ට්‍රම්ප් කළ ඉල්ලීම අද ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමුවේය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව පවරනු ලැබුවේ ටෙක්සාස් ජනපදය විසිනි.

මෙම නඩුවේදී ට්‍රම්ප් වෙනුවෙන් කරුණු දැක්වීමට රජයේ නීතීඥවරුන් 18 දෙනෙක් සහ කොංග්‍රසයේ රිපබ්ලිකන් සාමාජිකයන් 106 දෙනෙක් එක්ව සිටීම විශේෂත්වයකි.

කෙසේ නමුත් මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය හුදු වශයෙන් ඉවත දමමින් කීවේ ටෙක්සාසයට මෙම නඩුව ගෙන ඒමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නොවැම්බර් මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු යැයි කියමින් සිටි ට්‍රම්ප්ට මෙය අති දැවැන්ත ප්‍රහාරයකි. ‘නීති විරෝධී ඡන්ද‘ හේතුවෙන් තමන්ට දෙවැනි වාරය අහිමි වූ බව ඔහු නොයෙක් අවස්ථාවලදී කියා තිබේ.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !