ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධූරයට සුදුසු නොවන බව කියමින්, එරට කාන්තා සංවිධාන රාශියක් නිව්යෝක් , වොෂින්ටන් ඩී.සී.ඇතුළු ප්‍රධාන නගර ගණනාවක විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇත
නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබෙන ඇමරිකානු ජනාධිපතිවරණය මූලික කරගෙන ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව ක්‍රියාත්මක මෙම විරෝධතාවයන් සඳහා තරුණ කාන්තාවන් දස දහස් ගණනින් එක්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී .
ට්‍රම්ප් කාන්තාවන්ට ගරු නොකරන බවත් , කාන්තාවන්ගේ සුහ සිද්ධිය වෙනුවෙන් කිසිදු අවධානයක්යොමු කර නොමැති බවත් විරෝධතාවන්ට එක්ව ඇති කාන්තා සංවිධාන මෙහිදී චෝදනා නගමින් සිටී .
ඒ අනුව ‘‘ඔබේ දියණියගේ අනාගතය වෙනුවෙන් සිතා ට්‍රම්ප්ට ජන්දය නොදෙන ලෙස මෙම කාන්තාවන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටී
ප්‍රජනන අයිතිය පිළිබඳ සංවිධාන රැසක්ද මෙම විරෝධතාවයට එක්ව ඇති අතර එම සංවිධානයක නායිකාවක වන සොන්ජා මිෂෙල් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ‘‘අපි ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉවත් කරන්න නොවැම්බර් 3 වැනිදා ඡන්දය දෙනවා. ‘‘ යනුවෙනි .
‘‘එතැන ඉඳන්, බලයේ ඉන්නවාද නැත්ද යන්න තීරණය කරන්නේ ඔහු (ඩොනල්ඩ් ට්‍රම්ප්) නෙවෙයි. ඒ ඔහුගෙ බලය නෙවෙයි, ඒක අපේ බලය!‘‘
ඉදිරියේදී ද මෙවැනි රැළි ගණනාවක් පැවැත්වීමට මෙම කාන්ත සංවිධාන තීරණය කර ඇති බවද වාර්තාවේ