ලෝකයේ බොහෝ රටවල මෙන් මෙරට තුළ ද වැඩකරන ජනතාවගෙන් අඩක්වත් බදු ගෙවිය යුතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
පසුගිය කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්තියට අනුව බදු ව්‍යුහයේ යම් වරදක් පවතින බව හෙතෙම කියාසිටී.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට වැඩකරන ජනතාව මිලියන 8.5ක් සිටින නමුත් බදු ගොනු (ටැක්ස් ෆයිල්) ඇත්තේ ලක්ෂ දෙක හමාරක් පමණක් බව ය.
ඒ අනුව මෙමගින් බදු ව්‍යූහයේ යම් වරදක් ඇති බවට පෙනී යන බව මහබැංකු අධිපතිවරයා කියාසිටී.
“දැන් තියෙන ආකාරයට ගොඩක් අංශ පාඩු ලබනවනේ. පාඩු ලබන කෙනා බදු ගෙවන්න ඕන නෑ. ලාබයක් ලැබුවොත් ලාබයෙන් කොටසක් තමයි බදු ගවෙන්න ඕනේ. රට ස්ථාවර වුණොත් ගොඩක් අංශ ලාබ ලබනවා. එතකොට මේ බදු අයකිරීමේ මට්ටම ඉහළ දමන්න පුළුවන්. ඒ නිසා මේ දායකත්වය ලක්ෂ දෙකහමාරක් නෙවෙයි දරන්න ඕන. ඕනම රටක සියයට 50ක්වත් බදු ගෙවන අය ඉන්න ඕනේ. මේක මිලියන 4ක් වත් බදු ගෙව්වොත් ගෙවන කෙනාම බර දරන්න ඕන නෑ. සාධාරණව බෙදී යනවා. අඩු ආදායම් ලබන අයට පීඩනය අඩුවෙනවා. “