ඉන්ධන මිල පහල යාමේ වාසිය ජනතාවට ලබාදෙමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද කිලෝ මීටරයකට රුපියල් 20ක් අඩු කිරීමට ත්‍රීරෝද රථ සංගම් අද (30) තීරණය කළේය.
මෙම මිල අඩුකිරීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම මිල අඩුකිරීම් වහාම සිදුකර ගන්නා ලෙස සිය සංගමයේ සාමාජිකයන්ට දැනටමත් දැනුම් දී ඇති බව එහි සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය. ඉන්ධන මිලෙහි වාසිය ජනතාවට ලබාදෙන ලෙස ඔහු සමස්ත ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
ත්‍රීරෝද රථ රියදුරන් මිල අඩුකිරීමක් නොකරන්නේ නම් වහාම ත්‍රීරෝද රථ නියාමන කිරීමට රජය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.