නවතම පුවත්

ටැක්සි වහලේ බෝග වගාවෙන් දිවි රැකගන්නා රියැදුරෝ

අසංක

අසංක

COVID-19 වසංගතය හේතුවෙන් වසරකට වැඩි කාලයක් බොහා් රටවල තිස්සේ කුලී රථ සිය ගණන් සේවා ස්ථානවල නවතා තිබේ.

සිය සේවකයන්ට පඩි නඩි ගෙවා ගැනීමටවත් නොහැකිව ටැක්සි සමාගම් ද ලක්ව ඇත්තේ බරපතළ අර්බුදයකට බව ෂිංහුවා පුවත් පවසයි.

වෙනත් ආදායම් මාර්ග සොයා ගම් බිම් බලා ගොස් ඉතිරි වූ සේවකයන්ගේ දෛනික ආහාර වේල හෝ සරි කරගැනීමට උදෙසා ඇතැම් ටැක්සි සමාගම් සිය කාර්‍ය මණ්ඩලයට ටැක්සි කාර්වල වහලයේ සහ ආවරණයේ පස් ගොඩ ගසා එළවළු වගා කිරීම සඳහා රැකියා විරහිත රියදුරන්ට ඉඩ දී ඇත.


තායිලන්තයේ බැංකොක් නුවර කුලී මෝටර් රථ ගාලක නවතා තිබෛන මෙම කුලී රථවල වහලයේ දැන් අතු රිකිලි පැළවෙමින් තිබේ.

තායිලන්තයේ දැඩි කොවිඩ් -19 සීමාවන් හේතුවෙන් නගරයේ වීදි තවම පාළුවට ගොස් ඇත.

කලක් තිස්‍සේ නැවතී තිබෙන මෙම මෝටර්රථ දැන් කාර්මික දෝෂවලට ද ලක්ව ඇති නිසා බොහෝ රථ භාවිතයටවත් නොහැකි බව එම සමාම පවසයි.

හැකි පමණින් මේ සත්කාරයට දායක වන්නේ බැංකොක්හි රැචාෆ්රුක් කුලී රථ සමාගම ය.

කම්කරුවන් මෝටර් රථ වහලය මත කුඩා උද්‍යාන ඉදි කර උණ ලී රාමු හරහා පස් වලින් ආවරණය කරමින් පිදුරු දමා මිරිස්, පිපිඤ්ඤා, වට්ටක්කා ඇතුළු විවිධ භෝග වගා කරති.

ආහාරයට ලබාගෙන ඉතිරි බෝග වෙත් නම් දේශීය වෙළඳපොලේ අලෙවි කොට එඑමගින් රැකියා අහිමි වූ රියදුරන්ට යම් මුදලක් සොයාගැනීමට හැකිවෙතැයි එම සමාගම බලාපොරොත්තු වේ.

බැංකොක්හි කුලී රථ වෙළඳාම පොහොසත් වන්නේ සංචාරක ව්‍යාපාරය මතයි. නමුත් රටට ඇතුළුවීම සඳහා දැඩි සීමා පැනවීම නිසා එය ඇණහිට ඇත.

‘මෙය අපගේ අවසාන විකල්පය’ යැයි සමාගමේ හිමිකරුවෙකු වන තාපකෝන් අස්සවාලර්ට්කුන් පැවසීය.

මෙම වාහන බොහොමයක තවමත් විශාල ණය ප්‍රමාණයක් ඉතිරිව ඇති බවත් ඔහු පැවසීය.

‘වහලවල් මත එලවළු වගා කිරීමෙන් කුලී රථවලට හානියක් වෙන්නේ නෑනේ. අනික ඒවායින් බොහොමයක් දැනටමත් අලුත්වැඩියා කළ නොහැකි ලෙස හානි වෙලා. එන්ජින් කැඩිලා, ටයර් පැතලි වෙලා කළ හැකි කිසිවක් නෑ” ඔහු පවසන්නේ හැඟුම්බරවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්