ප්‍රංශයේ Auvergne-Rhone-Alpes ප්‍රාන්තයට ටෙනිස් බෝල තරම් විශාල හිම බෝල පතනය වී තිබේ.
එරට වාර්තා පැවසුවේ ඊයේ එම ප්‍රදේශයට බලපෑ කුණාටු තත්වයත් සමඟ විශාල හිම බෝල ඇදවැටෙන්නට පටන් ගත් බවයි.
මේ හේතුවෙන් එරට ගොඩනැගිලි, නිවාස වහළවල් සිදුරු වී බෙහෙවින් විනාශයට පත්ව ඇති අතර වාහනවල ඉදිරිපස වීදුරු බිඳීයාම් විශාල සංඛ්‍යාවක් වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
ප්‍රංශයේ බොහෝ ප්රදේශවලය අයහපත් කාලගුණ තත්වය පිළිබඳ අනතුරු අඟවා ඇතත් මෙම ප්‍රාන්තය පිහිටා ඇත්තේ ස්විස්ටර්ලන්තය හා ඉතාලි දේශසීමා මැදිකරගෙන ය.
ප්‍රංශයේ සෙසු ප්‍රදේශවලට වඩා මෙම ප්‍රාන්තය අයහපත් කාලගුණය දැඩි ලෙස බලපා තිබේ.
එසේ වුවත් එම ප්‍රාන්තයට විශාල හිම බෝල, විදුලිය සමඟ බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජනජීවිතයට මෙන්ම දේපළ හානි ද වාර්තා වන බව එරට පුවත් සඳහන් කරයි.
මෙම හිම බෝල ඇදවැටීමෙන් ඇතැම් පුද්ගලයන් තුවාල ලබා තිබේ.
මෙම ප්‍රාන්තයට බලපෑ අකුණු සංඛ්‍යාව ද පෙර වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර විදුලි කෙටීම් ද මේ වසරේ පමණක් 73700ක් වාර්තා වී ඇතැයි එරට කාලගුණ ඒකක සඳහන් කර ඇත.
මීට මාසයකට පමණ පෙර ජර්මනියේ ද ගොල්ෆ් බෝල තරම් විශාල හිම බෝල ඇදවැටීම නිසා විශාල වශයෙන් දේපොළ විනාශ වී තිබුණි.
ලෝකය පුරා ඇතැම් රටවල මෙවැනි විශාල හිම බෝල පතනය වීම නිරන්තරයෙන් සිදුවන අතර බොහෝවිට ඒවා පතනය වන්නේ කුණාටුවත් සමඟයි.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/snow-balls.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/1545292355-hail-storm-nsw-960x540.png)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/maxresdefault-1.jpg)