නවතම පුවත්

නාවික හමුදාව චීනයෙන් යුධ නැවක් ගෙනෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා නාවික හමුදාවට චීනයෙන් ලබාගත් p-625 චීන යුධ නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට සේන්දුවි්‍ය. මෙම නෞකාව චීන රජය විසින් නිල වශයෙන් ශ්‍රි ලංකාවට භාරදෙනු ලැබුවේ පසුගිය ජුනි 06 වැනිදා චීනයේ ෂැංහයි වරායේදීය. එම අවස්ථාවට නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.

1994 දි නිෂ්පාදනය කළ මෙම නෞකාව මීටර් 112 දිගින් යුතුවේ. පළල මීටර් 12.4කි. ටොන් 23000ක ධාරිතාවෙන් යුතු මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය නිලධාරින් 18ක් හා නැවියන් 110 කින් සමන්විතය.

කපිතාන් නලින්ද ජයසිංහගේ නායකත්වයෙන් යුතු p-625 යුධ නෞකාව මෙරටට අද දින සේන්දු වීමෙන් පසු නාවික හමුදාපතිවරයා ඇතුළු චීන තානාපති නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්විණි. නාවික හමුදාවට අලුතින් එක්වන මෙම නෞකාව ගැඹුරු මුහුදේ නිරීක්ෂණ කටයුතු සදහා යොදා ගැනීමට නියමිතව ඇත.

ඡයාරූප – ආසිරි ප්‍රනාන්දුගේ මුහුණු ‌පොතෙනි

Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !