නවතම පුවත්

ඩයලොග් ආසියාටා-BOI අතර මිලියන 250ක ගිවිසුමක්

අසංක

අසංක

ඩයලොග් ආසියාටා සමූහය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඩොලර් මිලියන 250ක ආයෝජන ගිවිසුමක් පසුගියදා අත්සන් තැබිණ.


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විශාලතම විදේශ සෘජු ආයෝජකයා වන ඩයලොග් ආසියාටා සමූහය, එම මණ්ඩලය සමඟ , ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 254.1 ක මුදලක් ආයෝජනය කිරීම සඳහා පසුගිය දින ගිවිසුම්ගත වී තිබේ.

මෙය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 46.1 ආයෝජනයකි.


ඩයලොග් ආසියාටා පීඑල්සී වෙතින් කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 190.7 කින් සහ එහි අනුබද්ධ සමාගමක් වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගමෙන් කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 63.4 කින් මෙම ආයෝජනය සමන්විත වේ.

මෙම ගිවිසුම් අනුව ඩයලොග් ආසියාටා සමූහය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පුළුල් පරාසයක් ආවරණය කරයි. ජංගම හා ස්ථාවර 4G-LTE ජාල පුළුල් කිරීම, IP සහ ෆයිබර් ජාලවල විකාශනය සහ සමූහයේ වයි-ෆයි සහ බ්‍රෝඩ්බෑන්ඩ් ජාල තවදුරටත් සංවර්ධනය කිරීම ඊට ඇතුළත් වේ.

මීට අමතරව 5G සම්බන්ධතාවය යෙදවීම තුළින් ආර්ථිකයට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමට මෙම ආයෝජනය සැලසුම් කර ඇති අතර එමඟින් 5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු ලෙස ඩයලොග් ශ්‍රී ලංකාවේ ස්ථානගත වනු ඇත.

මෙය සබ්මැරීන් කේබල් හා ගොඩබෑමේ ස්ථාන සංවර්ධනය සමඟ සම්බන්ධ වන අතර එමඟින් වඩාත් විශ්වාසදායක හා ලාභදායී අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්