ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි . එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් ඇති බවයි.
ඉන් ඩීසල් ගොඩබෑම ආරම්භ වන්නේ අද සිටයි. ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000 ක් ද මෙම නෞකාව මගින් රැගෙනවිත් තිබෙනවා. ඊට අවශ්‍ය ඩොලර් මිලියන 39.3 ක මුදල ද ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය ඊයේ පැවසීය
ඉකුත් දා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37, 300 ක් රැගෙන තවත් නැවක් මෙරටට පැමිණි අතර එහි ඉන්ධන තොග කඩිනමින් බෙදා හැරීමට පියවර ගැණුනි . බලශක්ති අමාත්‍යංශයේ දත්තවලට අනුව මේවනවිට ශ්‍රී ලංකාව සතුව මෙට්ට්‍රික් ටොන් 65,600 ක ඩීසල් සංචිතයක් පවති.