මාසයක් ජීවත්වෙන්න අයෙකුට වියදම කොළඹ නම් 6400යි – මාතර නම් 5600යි

6ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2022 ජනවාරි නිල දරිද්‍රතා රේඛාවට අනුව මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට මාසයකට අවශ්‍ය වන්නේ රුපියල් 5,908ක මුදලක් පමණි. මාසිකව මෙම ගණනය කිරීම ජනහා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව විසින් කරනු ලබයි. 2002 වසරේ සිට මේදක්වා කාලය තුළ ද්‍රරිද්‍රතා රේඛාවේ ඉහළම අගයක් වාර්තාකර ඇත්තේ 2022 ජනවාරි මාසයේදීය. 2002 වසරේ එක් පුද්ගලයෙකුට මූලික…

“රට යන අත” ගැන ජනතාව අසතුටෙන් – සමීක්‍ෂණයකින් හෙළිවේ !

වෙරිටේ රිසර්ච් ආයතනය , මේ වන විට මෙරට ජනතාව රට ගැන සිතන ආකාරය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනමත විමසුමක් සිදු කර ඇත. එම ජන මත විමසුමට අනුව මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ඔබ සෑහීමකට පත්වනවාද? නැද්ද? යන්න යන ප්‍රශ්ණයට සෑහීමකට පත් වෙමි යන පිළිතුර ලබා දී ඇත්තේ සියයට 6ක්…

දවස් දහකදී , යුක්‍රේනයේ ලක්‍ෂ 12ක් අවතැන් !

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු මේ ගත වන්නේ 10වන දිනය වන අතර මේවනවිට  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති සංඛ්‍යාව ලක්ෂ 12කට අධිකවේ. බොහෝ පිරිස් මේවන විට පෝලන්තය, හංගේරියාව ඇතුළු අසල්වැසි රටවල් 05කට පළා ගොස් තිබෙ. කෝටි ගණනක් වටිනා යුක්‍රේනයේ තිබූ සම්පත් ද මේ වන විට විනාශ වී අවසන්. ඒ…

රුසියාවෙන් තාවකාලික සටන් විරාමයක් !

යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියන් හමුදාව එකග වී ඇත. සටන් විරාමය සදහා රුසියන් හමුදා එකග වී ඇත්තේ මරිපෝල් සහ වොල්නෝවාකා නගර වැසියන්ට ආරක්ෂිතව නගරවලින් ඉවත් වීම සදහා ‘මානුෂීය කොරිඩෝවක්’ නිර්මාණය කර දෙමිනි. සටන් විරාමය පවතින එම කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් රජය, මරිපෝල්…

විදේශ විනිමය අර්බුදය විසඳන්න- වාණිජ මණ්ඩල 9ක් ඉල්ලයි!

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංචාරක කර්මාන්තය හා ව්‍යාපාර කටයුතු කෙරේ බලපා ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ වාණිජ මණ්ඩල (Joint Chambers of Commerce) රජයේ අවධානය යොමුකර තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින රැස්වූ ඒකාබද්ධ වාණිජ මණ්ඩල නියෝජිතයන් විදේශ විනිමය අර්බුදය සහ එය රට තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ ආර්ථිකය කෙරෙහි සිදුකරන බලපෑම පිළිබඳව සාකච්ඡා කර ඇති…

කොරෝනා මරණ ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමිදානයට කල හැකියි

කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ සිරුරු ශ්‍රී ලංකාවේ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට අවසර ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි නේටෝවට බැන වදී

ගෙවුණු සතියේ සිට යුක්රේනයට පහර දුන් රුසියානු ප්‍රහාරය මධ්‍යයේ රට පුරා පියාසර තහනම් කලාපයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර්

ඩීසල් තොගයක් බෙදාහැරේ !

ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි . එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් ඇති බවයි. ඉන් ඩීසල් ගොඩබෑම ආරම්භ වන්නේ අද සිටයි. ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000 ක් ද මෙම නෞකාව මගින් රැගෙනවිත් තිබෙනවා. ඊට අවශ්‍ය ඩොලර්…

“මෙරට ප්‍රධාන කොමිෂන් සභාවල ස්වාධීනත්වය සෝදාපාළු වෙලා” – මිෂෙල් බැචලේ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු රටේ ප්‍රධාන කොමිෂන් සභා සහ ආයතනවල ස්වාධීනත්වය ඛාදනය වී ඇතැයි පවසමින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් කනගාටුව ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු මෙම තත්ත්වය දකින්නට ඇතැයි ඇය පවසයි. වගවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ…

බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට පණිවිඩයක්

බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගෙන් මෙරටට තාවකාලිකව පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.