නවතම පුවත්

ඩුබායිහි ලාංකිකයකුට ලොතරැයියක සුපිරි දිනුමක්

අසංක

අසංක

ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවි වෘත්තිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මිෂ්ෆක් එරට ලොතරැයි දිනුම් ඇදීමකින් ඩිරාම් මිලියන 12 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 64කට අධික) පළමු ත්‍යාගය දිනාගෙන තිබේ.

36 හැවිරිදි මිෂ්ෆක් නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ සිය පවුලේ අය සමඟ ගතකරමින් සිටින අතරතුර තමා ජයගත් පුවත දැනගෙන ඇත්තේ ලොතරැයි දිනුම් අදින ආයතනයෙන් ලද ඇමතුමකිනි.

ඔහු තම ජයග්‍රහණය පිළිබඳ ගල්ෆ් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ මූල්‍ය ගැටලු තිබූ තමාට මෙම ජයග්‍රහණය පිළිබඳව අතිශය සතුටට පත්වන බවයි. “මට හුස්ම ගැනීමට හෝ කෙළින් ඉන්නවත් බෑ. මගේ ජංගම දුරකථනයෙන් මට එන ඇමතුම් කෙළවරක් නෑ.”

මිෂ්ෆක් සිය ජයග්‍රාහී ටිකට් පතේ තෑගි මුදල තවත් 20 දෙනෙකු සමඟ බෙදා ගැනීමට අපේක්ෂා කරයි. “මගේ කොටස ඩිරාම් 600,000 ක් පමණ වන අතර මේ සඳහා මම කෘතඥපූර්වක වෙමි. මගේ පියා ශල්‍යකර්මයකට භාජනය වූණා මෙම මුදල් ඊට වියදම් කරන්න පුළුවන් වීම ලොකු පහසුවක් වෙනවා” ඔහු පැවසුවේ තම වෘත්තියෙන් වැටුප ලෙස මසකට ඩිරාම් 7,000 ක් උපයන බවය.

“ටිකට් පතට මිලදී ගන්න දායක වූ අනෙක් අය මා මෙන්ම අතිශයින් සතුටට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් තැගි මුදල ගන්න කියලා ඔවුන් මට කිව්වා. ”

ඩුබායි බිග් ජැක්පොට් 054978 ටිකට් අංකය සඳහා මිෂ්ෆැක් ලොතරැයි පළමු දිනුම දිනා ගත්තේය. ඔහු පසුගිය වසර 10 ක කාලය තිස්සේ ඩුබායි හි වාසය කරමින් සේවයේ යෙදී ඇත. ඔහුගේ මිතුරන් සමඟ ඩුබායිහි ඔහු නැවතී සිටි. ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවේ වාසය කරයි.

“මගේ අඩු වැටුප නිසා මගේ පවුල ඩුබායි ගෙන ඒමට මට නොහැකි වුණා.” දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වෙසෙන තම දරුවන් දෙදෙනාට සහ බිරිඳට නිවසක් ඉදිකරන බව ද ඔහු පැවසීය.

මිෂ්ෆක් කියා සිටියේ තම මිතුරන් 20 දෙනා සමඟ පසුගිය වසර එකහමාරක කාලය පුරාම මෙලෙස ඔහු ටිකට් පත් මිලදී ගෙන ඇති බවයි. බිග් ටිකට් පතට සහභාගී වීම සඳහා ඔවුන් සෑම මසකම මුදල් එකතු කරති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්