නවතම පුවත්

ඩුබායි හිරේදී නදිමාල්ට වුණු ‌‌දේ- ‌කොටි සමග කළ අවි ගනුදෙනු- කංජිපානි ‌හෙළිකරයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඩුබායිහිදී මාකදුරේ මධූෂ් සමග අත්අඅඩංගුවට ‌ගෙන ඒරට ‌පොලීසියෙන් මුදාහැරි කංජිපානි ඉම්රාන් ‌මෙරටට පැමිණ රහසේම මාලදිවයිනට පැනයාමට උත්සහ දරමින් සිටියදී රහස් ‌පොලිස් අත්අඩංගුවට ගත් පසුව කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු ‌තොරතුරු ‌බොහොමයක් ‌හෙළිකර තිබේ.

ඒම ප්‍රකාශයේ ඇතැම් ‌කොටස් පහත දැක්වේ.

‍මම අයියට කිව්වාා පාටි දාන්න ඔ්න නෑ කියලා. අපිට ප්‍රශ්න තිබුණු නිසි හිටපු විදියට ඉමු කියලා. ඒ්ත් අයියට ඔ්න වුණේ ලංකාවේ අයට දැනෙන්න ‌දෙයක් කරන්න. ඒ් නිසයි ඒ් පාටිය සංවිධානය කළේ.

මම පාටියට යන්නේ නැතුව ඉන්න හැදුවේ. ඒ්ත් අයියා ඒන්න කියපු නිසා ‌නොයා බැරිවුණා. මම ගියෙත් පරක්කු ‌වෙලා. ටික ‌වෙලාවක් ඉදලා ‌ගෙදර යන්න කාරෙකට නැග්ගා. කාරෙකේ ඉද්දී තමයි මාවත් අල්ලගත්තේ.

අපි හැමෝම ගැන කවුරුහරි ‌පොලීසියට ඔත්තු දීලා. මධූෂ් මධූෂ් මධූෂ් කියලා අයියව තමයි ‌පොලීසිය ‌හෙව්වේ. ඒයාලා ගාව අයියගේ ‌ෆොටෝ ඒකක් තිබ්බා. ඒ්ක බල බල ඒයාව ‌හෙව්වා. අයියගෙන් ප්‍රශ්න කළේ දියමන්තිය ගැන විතරයි. දියමන්තිය ගැන අහ අහා අයියට ‌පහර දුන්නා. ‌ගොඩක් හිරිහැර කළා.

පාලිස් රැදවුම් මධ්‍යස්තානයට අපිව අරන් ගියා. ඒ්කේ වැඩි හරියක් හිටියේ බංග්ලාදේශකාරයෝ. ඒ් අය අපිට ‌ෙගොඩක් හිරිහැර කළා. නදිමාල්ට සමහර ‌වෙලාවට ඒ්වා ඉවසන්න බැරිවුණා. ආයි නම් ඩුබායි පැත්ත පලාතේ ඒන්නේ නෑ කියලා එයා කිව්වා. ඒ් තරම් බංග්ලාදේශ්කාරයෝ අපිට වධදුන්නා.‍” යැයි ද කංජිපානි ඉම්රාන් නමැති පාතාල සාමාජිකයා අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට කංජිපානි ඉම්රාන් රාජ්‍ය ආරක්ෂක ‌ලේකම්වරයාගේ නියෝගයකට අනුව රදවාගෙන ‌කොළඹ අපරාධ ‌කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වයි.

ඔහු ඒල්ටීටීඊ‌ෙයේ හිටපු සාමාජිකයන් සමග අවිආයුධ ගනුදෙනුවක් කර ඇති බව ද ‌ෙතොරතුරු ‌පොලීසියට ‌හෙළි වී තිබේ.

ඒ් සම්බන්ධයෙන් දීර්ඝ ‌ලෙස විමර්ශන පැවැත්වෙන බව ද ‌පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්