ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට ස්ථිර විසඳුමක් එයි

Picture of අසංක

අසංක

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා විෂ රහිත නවතම තිරසර ක්‍රමවේදයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ක්ලොරෝපිල් නමැති මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මේ වනවිට ජර්මනියේ සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර එරට විශේෂඥයින් වෙතින් මේ පිලිබඳ උපදෙස් ලබාගැනීමටද අමාඅමාත්‍යාංශය බලාපොරොත්තුවේ.

මෙම නව ක්‍රමවේදය දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදයට බොහෝ සෙයින් වෙනස් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මඟින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන අතර මෙරට හරිතප්‍රද මඟින් මෙම සංයෝගය නිපදවා ඩෙංගුමර්දන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව මෙම ක්‍රියාවලිය අත්හදා බැලීමට නියමිතය.