ඩෙංගු රෝග ලක්‍ෂණ පෙන්වන කාලසීමාව වෙනස්වෙයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාලය වෙනස් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ, තද උණ පවතී නම් පැය 24 ක් ඇතුළත වෛද්‍ය උපදෙස් කරා යොමුවන ලෙසය.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9,609 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඇය සඳහන් ක‌ළා ය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මේ වසරේ ගතවූ කාලය තුළ මදුරුවන් ව්‍යාප්ත වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 230 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවය.